ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් සිය භාරයට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
තස්නිම් පුවත් සේවය සඳහන් කරන්නේ, ජාත්‍යන්තර නීති රීති උල්ලංඝනය කරමින් ක්‍රියා කළ බවට චෝදනා කරමින් ‘MSC Francesca’ සහ ‘Epaminondas’ නෞකා මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
මෙම නෞකා දෙක මීට පෙරද එම මුහුදු ප්‍රදේශයේදී වෙඩි තැබීමට ලක්වූ බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් නෞකා මේ වන විට ඉරාන වෙරළ තීරය වෙත රැගෙන ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
හෝමුස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් ඉරාන හමුදා භාරයට

