ලෝක කම්කරු දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසන්නේ, ශ්‍රමයට යුතු ගෞරවය ලබාදීම සහ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිය බවයි.
වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, සාධාරණ සහ සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටින බවද ඇය සඳහන් කළා.
එමෙන්ම, සමාන අවස්ථා සහ සමාජ ආරක්ෂණය තහවුරු කරමින්, සියලු ශ්‍රමයන් අගය කරන රටක් ගොඩනැගීමට එක්ව කටයුතු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා.
අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවුඩය – සාරාංශය

