Homeසියලුම පුවත්ජනපතිගේ කම්කරු දින පණිවුඩය

ජනපතිගේ කම්කරු දින පණිවුඩය

අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරන්නේ, මෙරට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් වඩා සුරක්ෂිත ආර්ථිකයක් සහ හොඳ අනාගතයක් ගොඩනැගීම රජයේ ප්‍රධාන අරමුණ බවයි.
ලෝක කම්කරු දිනය නිමිත්තෙන් නිකුත් කළ විශේෂ පණිවුඩයකදී ජනාධිපතිවරයා සඳහන් කළේ, නව නිෂ්පාදන බලවේග හා පරිසරයට අනුව ආර්ථිකය සහ සමාජය යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය බවයි.
එමෙන්ම, වත්මන් ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද රටක් ලෙස ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලබාගෙන ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීම, වතු කම්කරු වැටුප් ඉහළ නැංවීම සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම වැනි පියවර මගින් ජනතාවට සහන ලබාදීමට රජය කටයුතු කර ඇති බවද එම පණිවුඩයේ සඳහන් වේ.
අවසානයේ, යහපත් රටක් ගොඩනැගීමට සියලු ජනතාව එකමුතුව කැපවිය යුතු බවද ජනාධිපතිවරයා ආරාධනා කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments