දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) පස්වරු 1.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් සබරගමුව, මධ්‍යම පළාත, ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
එමෙන්ම බස්නාහිර පළාත හා දකුණු පළාත වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.
ප්‍රදේශ කිහිපයකට අද තද වැසි අපේක්ෂිතයි

