ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2026 අගෝස්තු මාසයේදී පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 7.4කින් පහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අපනයන දත්ත අනුව, 2025 අගෝස්තු මාසයේ ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 469.6ක් වූ අතර, 2026 අගෝස්තු මාසයේදී එය ඩොලර් මිලියන 434.8ක් දක්වා අඩුවී ඇත.
මේ අතර, 2026 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 3,108.3ක් ලෙස වාර්තා වී තිබේ.
2025 වසරේ එම කාලසීමාවේදී ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 3,318.1ක් වූ බැවින්, මෙම වසරේ මුල් මාස අට තුළ එය සියයට 6.3කින් පමණ පහළ ගොස් ඇත.
එමෙන්ම සමස්ත රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායමද අගෝස්තු මාසයේදී සියයට 8.4කින් සහ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ සියයට 6.7කින් අඩුවී තිබේ.

