අධිකරණ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වනවිට අභියාචනාධිකරණයට රැගෙනවිත් තිබේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුකරයකට අදාළව ඥානසාර හිමියන්ට එරෙහිව අභියාචනාධිකරණය විසින් පසුගියදා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි.
එම වරෙන්තුවට අනුව ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් මෙලෙස අභියාචනාධිකරණයට රැගෙනවිත් ඇත.

