රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇප මත මුදාහැර තිබේ.
අද (04) ඔහු අවිස්සාවේල්ල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති අතර, ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.
එමෙන්ම ඔහුට විදෙස් ගමන් තහනමක් පනවා ඇති අතර, පැමිණිලිකරුවන්ට බලපෑම් නොකරන ලෙසද අධිකරණය දැනුම් දී තිබේ.
මැණික් ගලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමේදී සාක්ෂිකරුවන් හා සැකකරුවන්ගෙන් මුදල් ලබාගෙන නිසි විමර්ශන කටයුතු සිදු නොකළ බවට එල්ල වූ චෝදනාවක් මත ඔහු ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ඇප මත මුදාහැරේ

