ඔස්ට්‍රේලියානු සමාගමකට ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් වෙත යොමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සකස් කළ මහා භාණ්ඩාගාර වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෙත භාරදී තිබේ.
අද (04) පැවති කාරක සභා රැස්වීමේදී එම වාර්තාව සියලු සාමාජිකයින් වෙත ලබාදීමට කටයුතු කළ බව සභාපති හර්ශ ද සිල්වා මහතා සඳහන් කළේය.
වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ලබන සතියේදී මුදල් ලේකම්වරයා සමඟ ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.
මීට පෙර එම වාර්තාව තම නිවසට එවා තිබූ අතර, එය පාර්ලිමේන්තුවට භාරදිය යුතු බව පවසමින් භාරගැනීම ප්‍රතික්ෂේප කර නැවත යොමු කළ බවද වාර්තා වෙයි.
ඩොලර් මිලියන 2.5ක මුදල් අක්රමිකතාවේ වාර්තාව කාරක සභාවට

