IOS Sagar හෙවත් සුනයිනා නමැති ඉන්දියානු යුද නෞකාව හෙට (15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
මෙම නෞකාවේ රටවල් 16ක නාවිකයන් සහ නිලධාරීන් එක්ව සිටින අතර, පුහුණු වැඩසටහනකින් අනතුරුව සිදුකරන හත්වැනි සංචාරය මෙය බව සඳහන්ය.
මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සමඟ හමුවීම් සහ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධ විශේෂ වැඩසටහන් කිහිපයක්ද පැවැත්වීමට නියමිතය.
මෙම සංචාරය හරහා කලාපීය සමුද්‍රීය සහයෝගීතාව සහ ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි
ඉන්දියානු යුද නෞකාවක් හෙට දිවයිනට

