Homeදේශීයකල්පිටියෙන් විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

කල්පිටියෙන් විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ


කල්පිටිය මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් පරීක්ෂා කළ සැක සහිත බෝට්ටුවකින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයා වැටී ඇත. බෝට්ටුවේ තිබූ පොහොර උර තුනකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 63 ටත් හෙරොයින් කිලෝ 14 ටත් වැඩි ප්‍රමාණයක් තම භාරයට ගෙන තිබේ.

මෙම සොයාගැනීම ඊයේ රාත්‍රියේ සිදුකළ මෙහෙයුමේදී වාර්තා වී ඇති අතර, අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාරදී ඇත. බෝට්ටුවේ හිමිකරු කල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන තවදුරටත් පැවැත්මට නියමිත බවත් වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments