Homeසියලුම පුවත්ගල්වළක දියේ ගිලී සහෝදරයන් දෙදෙනෙක් මරුට

ගල්වළක දියේ ගිලී සහෝදරයන් දෙදෙනෙක් මරුට

කැකිරාව සමගිගම ප්‍රදේශයේ අතහැර දැමූ ගල්වළක දියනෑමට ගිය එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අද (17) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය සඳහන් කළේ, මියගොස් ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක් සහ 41ක් වන සහෝදරයන් දෙදෙනෙකු බවයි.
පොලිස් විමර්ශන අනුව, මියගිය පුද්ගලයින් ඇතුළු පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් දියනෑම සඳහා ගල්වළට ගොස් ඇති අතර, තිදෙනෙකු ආපසු පැමිණීමෙන් අනතුරුව සහෝදරයන් දෙදෙනා එහි රැඳී සිටියදී මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී තිබේ.
මෙම පිරිස කැකිරාව ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා පැමිණ සිටි අය බවත්, සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් වාර්තා වෙයි

RELATED ARTICLES

Most Popular

Recent Comments