දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, ලුණුගම්වෙහෙර සහ රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු අද (09) පෙරවරුවේ සිට විවෘත කර ඇති බව Department of Irrigation පවසයි.
ඒ අනුව, දැදුරුඔය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 8,400ක ජල ප්‍රමාණයක්ද, ලුණුගම්වෙහෙර ජලාශයෙන් තත්පරයට ඝන අඩි 2,915ක්ද, රාජාංගනය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 4,542ක්ද මුදාහැරෙන බව සඳහන් වේ.
මේ හේතුවෙන් අදාළ ජලාශ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල ජනතාව සහ ජල මාර්ග භාවිතා කරන්නන් අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත.
ජලාශ 3ක වාන් දොරටු විවෘත කෙරේ

