Homeසියලුම පුවත්ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළට - රෝගීන් 67,174ක්

ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළට – රෝගීන් 67,174ක්

මෙරට ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින අතර, ඩෙංගු ආසාදනය හේතුවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

එම ඒකකය නිකුත් කළ නවතම දත්ත අනුව, 2026 වසරේ මේ දක්වා දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67,174කි.

ජූලි මාසයේ පළමු දින නවය තුළ පමණක් නව රෝගීන් 10,685 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඊයේ (10) දිනයේදී පමණක් ඩෙංගු ආසාදිතයන් 1,110 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේය.

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ප්‍රධාන රෝහල් කිහිපයක ධාරිතාව උපරිම මට්ටමට ළඟා වී ඇති බවත්, එම හේතුවෙන් ප්‍රතිකාර සේවාවලට දැඩි පීඩනයක් සහ රෝහල් තුළ තදබදයක් මතුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, පරිශ්‍ර පිරිසිදුව පවත්වා ගැනීම සහ උණ ඇතුළු ඩෙංගු රෝග ලක්ෂණ මතුවන්නේ නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ ජනතාවට යළිත් අවධාරණය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments