අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, බලශක්ති ක්ෂේත්රයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී තෙල් මිල තවත් සුළු ප්රමාණයකින් ඉහළ දැමීමට සිදුවිය හැකි බවයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්රික් මැයි දින රැලිය අමතමින්ය.
ඔහු පෙන්වා දුන්නේ, දැනටමත් ආණ්ඩුව විසින් ඉන්ධන ලීටරයකට රුපියල් 100ක පමණ සහනාධාරයක් ලබාදෙමින් සිටින බවත්, එය ජනතාවට සහනයක් සැලසීමට ගත් පියවරක් බවත්ය.
එමෙන්ම, ගල්අඟුරු හා ඉන්ධන මිල ඉහළ යාමත්, ජලාශවල ජල මට්ටම් පහළ යාමත් හේතුවෙන් බලශක්ති ක්ෂේත්රයේ පීඩනය වැඩිවී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
කෙසේවෙතත්, විදුලි පාරිභෝගිකයන්ගෙන් 96%කට මිල වැඩිවීමකින් තොරව සහනාධාර ලබාදීමට රජය තීරණය කර ඇති බවත්, ඒ සඳහා රුපියල් කෝටි 1500ක් වෙන් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
තවත් කුඩා ප්රමාණයකින් තෙල් මිල ඉහළ යා හැකි බව ජනපති කියයි

