දකුණු පළාතේ පාසල්වල දෙවන වාර විභාගයට අදාළව අද (22) පැවැත්වීමට නියමිතව තිබූ 9 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව සහ පුරවැසි අධ්‍යාපනය විෂය ප්‍රශ්නපත්‍ර විභාගය කල් දමා තිබේ.
දකුණු පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා දැනුම්දී ඇත්තේ, එම විභාගය ජූලි 24 වැනිදා පැවැත්වීමට නියමිත බවයි.
ප්‍රශ්නපත්‍ර මුද්‍රණයේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් ඒවා නියමිත වේලාවට කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත නොලැබීම නිසා මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
අදාළ තීරණය පිළිබඳ කලාපයේ සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බවද වාර්තා වෙයි.
දකුණු පළාතේ අදට නියමිත විභාග විෂයක් කල්යයි

