අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (22) පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා පැය 4ක කාලයක් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
මහනුවර ප්‍රධාන ජල සම්පාදන ව්‍යාපෘතියේ නඩත්තු කටයුතු හේතුවෙන් රජපිහිල්ල, මැදවල (පැරණි හා නව), ගලගෙදර සහ මාවතගම සේවා ජලාශ මගින් ජලය සැපයෙන ප්‍රදේශ රැසකට මෙම ජල කප්පාදුව බලපැවැත්වෙන බව සඳහන් වේ.
අදාළ ප්‍රදේශවල ජනතාව අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය ඉල්ලා සිටියි.
අද ප්‍රදේශ රැසකට පැය 4ක ජල කප්පාදුවක්

