හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුව තාවකාලිකව නතර කරන ලෙස ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
එම අභියාචනය අද (22) සලකා බැලූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම ඉල්ලීමට විරෝධය පළ කළේය.
ඒ අනුව, අදාළ නඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

