පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අදාළ ක්‍රිෂ් ගනුදෙනු නඩුව සහ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධ නඩුව යන නඩු දෙක සඳහා ඔහු යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර ඇති නඩුවට අදාළව නාමල් රාජපක්ෂ මහතා ඔක්තෝබර් 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළ එයාර්බස් ගනුදෙනු නඩුවේදී ඔහු ඔක්තෝබර් 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ නාමල් රාජපක්ෂ මහතා සිව්වන සැකකරු ලෙස නම් කර ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණි. 0
නඩු දෙකට අදාළ කටයුතු සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටි නාමල් රාජපක්ෂ මහතා අද (29) අධිකරණයට රැගෙනවිත් තිබුණි.
“`1

