Homeසියලුම පුවත්නායිකාවක් ලෙස මම අසාර්ථකයි" - චමරිගේ සංවේදී ප්‍රකාශය

නායිකාවක් ලෙස මම අසාර්ථකයි” – චමරිගේ සංවේදී ප්‍රකාශය

2026 කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ලැබූ පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සංවේදී අදහස් පළ කර තිබේ.
බ්‍රිස්ටල්හි පැවති තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 98කට සීමා වූ අතර, එම ඉලක්කය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී පන්දු 23ක් ඉතිරිව තිබියදී සපුරා ගත්තේය.
තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් චමරි අතපත්තු සඳහන් කළේ, වසර 18ක් ජාතික කණ්ඩායම නියෝජනය කළද ශ්‍රී ලංකාව ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට රැගෙන යාමට නොහැකි වීම පිළිබඳ තමන් දැඩි කනගාටුවෙන් පසුවන බවයි.
“මම පෞද්ගලිකව බොහෝ දේ ලබාගෙන තිබුණත්, නායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ මට දැනෙනවා,” යැයි ඇය පැවසුවාය.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, එම තරගයේදී වඩා වගකීමෙන් ක්‍රීඩා කළ යුතුව තිබූ බවට තමන්ට පසුතැවීමක් ඇති බවයි.
36 හැවිරිදි චමරි අතපත්තු මෙතෙක් පැවති සියලුම විස්සයි20 ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගි වී ඇති අතර, ඉදිරියේදී ක්‍රීඩා කිරීම පිළිබඳ තීරණය තම ශාරීරික යෝග්‍යතාව සහ දක්ෂතා අනුව ගන්නා බවද සඳහන් කළාය.

RELATED ARTICLES

Most Popular

Recent Comments