පොසොන් පෙරහැර කිහිපයක් පැවැත්වීම හේතුවෙන් අද (29) සහ ඉදිරි දිනවල මාතර දිස්ත්රික්කයේ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කරන බව ශ්රී ලංකා පොලීසිය නිවේදනය කර තිබේ.
අද රාත්රී 7.00ට කෝන්දෙණිය අශෝකාරාම විහාරස්ථානයේ පොසොන් පෙරහැර ආරම්භ වන අතර, කොන්දෙණිය හන්දිය, පරණ බෙලිඅත්ත මාර්ගය, දික්වැල්ල නගරය සහ කොළඹ–කතරගම ප්රධාන මාර්ගයේ කොටසක් ඔස්සේ පෙරහැර ගමන් කිරීමට නියමිතය.
එම කාලසීමාව තුළ කොළඹ–කතරගම ප්රධාන මාර්ගයේ කොටසක් වසා තැබෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම, රත්මලේ ප්රදේශයේ පැවැත්වෙන තවත් පෙරහැරක් හේතුවෙන් රත්මලේ, රදම්පල සහ අවට මාර්ගවලද ගමනාගමනයට සීමා පැනවෙනු ඇත.
ඊට අමතරව, ජූලි 1 වනදා වලස්ගල ශ්රී ජයවර්ධන මුචලින්දාරාම විහාරස්ථානයේ පොසොන් පෙරහැර හේතුවෙන් වලස්ගල, බෙලිඅත්ත සහ දික්වැල්ල ප්රදේශවල මාර්ග කිහිපයකද රථවාහන ගමනාගමනයට බලපෑම් ඇතිවිය හැකි බව පොලීසිය දැනුම් දී තිබේ.
පොසොන් පෙරහැර හේතුවෙන් මාතරේ මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කෙරේ

