Homeසියලුම පුවත්බෙංගාල බොක්කේ පීඩන පද්ධතිය දුර්වල වෙයි - වැසි තත්ත්වයත් අඩුවන ලකුණු

බෙංගාල බොක්කේ පීඩන පද්ධතිය දුර්වල වෙයි – වැසි තත්ත්වයත් අඩුවන ලකුණු

බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (25) අලුයම නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, එම පද්ධතියෙන් ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයට ඇති බලපෑම අද සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments