මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව තිදෙනෙකුගෙන් සමන්විත විමර්ශන කණ්ඩායමක් අද (02) පෙරවරුවේ මහර බන්ධනාගාරයට ගොස් සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කළ බව මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.
මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිත පිරිසක්ද අද දිනයේ බන්ධනාගාරයට පැමිණ එහි තත්ත්වය නිරීක්ෂණය කර තිබේ.
එම සංවිධානයේ විධායක අධ්යක්ෂ සුභාෂණ සුබවික්රම මහතා සඳහන් කළේ, මෙම සිද්ධිය සැලසුම් සහගතව සිදුකර ඇතිද යන්න පිළිබඳ සැකයක් පවතින බවයි.
බන්ධනාගාරයට කෝටි ගණනක හානි සිදුව ඇති බවත්, එවැනි විනාශයක් රැඳවියන් කිහිපදෙනෙකුට පමණක් සිදුකළ හැකිද යන්න පිළිබඳවද විමර්ශනය කළ යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

