ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්රිත පහත්බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම හෙට (04) මධ්‍යම රාත්‍රී 12.30 දක්වා වලංගු වන අතර, උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම් ප්‍රදේශවලට අදාළ වේ.
මහවැලි ගඟ ආසන්නයේ සහ පහත්බිම්වල පදිංචිකරුවන් දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත්, ගංවතුර අවදානමෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඉදිරි කාලයේදීත් වැසි තත්ත්වය පැවතිය හැකි බැවින් මහජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසද වැඩිදුරටත් දැනුම්දී ඇත.

