වත්මන් රජයට බන්ධනාගාර පද්ධතියවත් නිසි ලෙස කළමනාකරණය කළ නොහැකි නම්, රටේ ජනතාවගේ ගැටලු විසඳීමට හැකිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි.
බොරැල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, සයිබර් ප්‍රහාර, ණය ගෙවීම් සහ බන්ධනාගාර පාලනය වැනි කරුණු සම්බන්ධයෙන් රජය අසාර්ථක වී ඇති බවයි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයද උදාහරණයක් ලෙස දක්වමින්, බන්ධනාගාරයක්වත් පාලනය කළ නොහැකි ආණ්ඩුවකට රට ඉදිරියට ගෙනයාම අපහසු බව ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම, රටේ ජනතාවගෙන් 30% සිට 40% දක්වා පිරිසක් දුප්පත් තත්ත්වයට පත්ව ඇති බවත්, ජනතා ගැටලු සඳහා කඩිනම් විසඳුම් අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
හිරගෙයක්වත් පාලනය කරන්න බැරි රජයක් රට පාලනය කරන්නේ කොහොමද? – සජිත්

