ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා දින හතරක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා පවසයි.
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අදාළ දිනවලට නියමිත කටයුතු තීරණය කර තිබේ.
ඒ අනුව, මැයි 19 සිට 21 දක්වා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත, මහ බැංකු ආර්ථික සමාලෝචනය සහ ආනයන-අපනයන පනත් යටතේ යෝජනා කිහිපයක් විවාදයට ගැනීමට නියමිතය.
මැයි 22 වනදා අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටද කාලය වෙන් කර තිබේ.
මැයි 19 සිට 22 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

