ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ආර්ථික සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සමඟ ඊයේ (14) පැවති හමුවකදීය.
මුදල් අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබේ.
මෙම හමුව, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දිගුකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට වැදගත් පියවරක් වන බවද රුසියානු තානාපතිවරයා අවධාරණය කළේය.
මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රුසියානු තානාපති අතර සාකච්ඡාවක්

