Homeසියලුම පුවත්IMF පස්වන සහ හයවන සමාලෝචන සඳහා අනුමැතිය

IMF පස්වන සහ හයවන සමාලෝචන සඳහා අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සහ හයවන සමාලෝචන සඳහා අනුමැතිය ලබාදී තිබේ.
IMF විධායක මණ්ඩලය ඊයේ (27) රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය හිමිව ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ලැබීමට නියමිතය.
2023 මාර්තු මාසයේදී IMF විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් අනුමත කර තිබුණි.
IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කළේ, අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව වැඩසටහනේ විධිවිධාන ශක්තිමත්ව ක්‍රියාත්මක කර ඇති බවයි.
එමෙන්ම, “දිට්වා” සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවදානම් පවතින බවද ඔහු පෙන්වා දී තිබේ.
2026 වසරේ ආර්ථික වර්ධනය සියයට 3 දක්වා මන්දගාමී විය හැකි බව IMF පුරෝකථනය කර ඇති අතර, ඉන්ධන මිල ඉහළ යාම සහ සංචාරක ආදායම් අඩුවීම ඊට හේතු වී ඇති බවද සඳහන් කරයි.
මේ අතර, කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසන්නේ වත්මන් ආණ්ඩුව යළිත් IMF සහාය ලබාගැනීමට අපේක්ෂා නොකරන බවයි.
කෙසේවෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ IMF සමඟ අඛණ්ඩ සහයෝගයෙන් කටයුතු කිරීම මෙරට ආර්ථික ස්ථාවරත්වයට වැදගත් වන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments