Homeසියලුම පුවත්මුහුදු ප්‍රදේශ කිහිපයකට තද සුළං සහ රළු මුහුද ගැන අනතුරු ඇඟවීමක්

මුහුදු ප්‍රදේශ කිහිපයකට තද සුළං සහ රළු මුහුද ගැන අනතුරු ඇඟවීමක්

මුහුදු ප්‍රදේශ කිහිපයක තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (22) පස්වරු 2.00ට නිකුත් කළ එම නිවේදනය හෙට (23) පස්වරු 2.00 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම හරහා හලාවත දක්වාත්, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින්විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකිය.

එමෙන්ම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 2.5ත් අතර පමණ උසකට ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අදාළ මුහුදු ප්‍රදේශවල කටයුතුවල නිරත ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments