Homeසියලුම පුවත්යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කැඳවයි

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කැඳවයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබේ.

එහිදී ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් වන වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, නඩු කටයුත්ත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන ලෙස නියෝග කර තිබේ.

නිසි සුදුසුකම් සපුරා නොතිබියදී යෝෂිත රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවක් සඳහා යොමු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments