ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ‘දිට්වා’ සුළි කුණාටුව මෙන්ම ප්රජාතන්ත්රවාදයට එල්ල වන දරුණු ව්‍යවසනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වත්තල ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති “Rhythm of the Night” අරමුදල් රැස්කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් පවුල් 100ක් සඳහා නිවාස ඉදිකරදීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා චෝදනා කළේ, යෝජිත සංශෝධනය හරහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්රජාතන්ත්රවාදයේ ප්‍රධාන කුළුණු තුන අඩපණ කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවයි.
අධිකරණයේ ස්වාධීනත්වය බිඳ දමා එය විධායකයේ වහලෙකු බවට පත් කිරීමටත්, මෙරට ඒකපක්ෂ ආඥාදායක පාලනයක් ස්ථාපිත කිරීමටත් උත්සාහ දරන බවටද ඔහු චෝදනා කළේය.
ජනතාවගේ දේශපාලන හා සමාජීය නිදහස ආරක්ෂා කරගැනීම සඳහා මෙම ගමන පරාජය කළ යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
මේ අතර, වත්මන් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය යල්පැනගොස් ඇති බැවින් ජල විදුලි ජනනය ඇතුළු ක්ෂේත්රවලට සිදුවිය හැකි බරපතළ හානි අවම කරගැනීම සඳහා නව වැඩපිළිවෙළක් කඩිනමින් අවශ්‍ය බවද ඔහු පැවසීය.
සුනාමි සහ ‘දිට්වා’ ව්‍යවසනවලින් පාඩම් ඉගෙන ගනිමින් පූර්ව ආපදා සැලසුම් ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප්‍රධාන වගකීමක් බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

