Homeසියලුම පුවත්‘රටම එකට’ මෙහෙයුමෙන් සැකකරුවන් 794ක් අත්අඩංගුවට

‘රටම එකට’ මෙහෙයුමෙන් සැකකරුවන් 794ක් අත්අඩංගුවට

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ඊයේ (23) දිනයේදී සැකකරුවන් 794 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයින පුරා සිදුකළ වැටලීම් 798කදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පිරිස අතරින් සැකකරුවන් 8 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, තවත් දෙදෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ.

එම වැටලීම්වලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 233ක්, ගංජා ග්‍රෑම් 526ක්, හෙරොයින් ග්‍රෑම් 239ක් සහ මත්පෙති 6,415ක් පොලිස් භාරයට ගෙන ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments