Homeසියලුම පුවත්වත්තල වෙඩිතැබීමේ ඉලක්කය ගැන තවත් තොරතුරු අනාවරණය වෙයි

වත්තල වෙඩිතැබීමේ ඉලක්කය ගැන තවත් තොරතුරු අනාවරණය වෙයි

වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ ඊයේ (23) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, උත්සව ශාලාවක පැවති උපන්දින සාදයකට සහභාගී වූ පුද්ගලයෙකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
මිනීමැරුම් චෝදනා රැසකට සම්බන්ධ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “මට්ටක්කුලියේ කුඩු රොශාන්” නමැත්තා ඉලක්ක කරගෙන වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
රොශාන්ගේ සහෝදරයාගේ දරුවෙකුගේ උපන්දින සාදය පැවැත්වෙමින් තිබියදී, රාත්‍රී 9.40ට පමණ මෝටර් රථයකින් පැමිණි හිස්වැසුමක් පැළඳ සිටි පුද්ගලයෙකු උත්සව ශාලාවට ඇතුළු වී වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.
කෙසේවෙතත්, ඉලක්කය වැරදීම හේතුවෙන් වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ රොශාන් අසල සිටි තවත් පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.
බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු වයස අවුරුදු 39ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබේ.
පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැක කෙරෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments