2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත් වූයේ අවසන් මහා තරගයේදී වත්මන් ශූරයින් වූ ආර්ජන්ටිනාව ගෝල 1-0ක් ලෙස පරාජයට පත් කරමිනි.
අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටි MetLife ක්‍රීඩාංගණයේ පැවති මෙම අවසන් තරගයේ නියමිත මිනිත්තු 90 අවසන් වන විට දෙපිලටම ගෝල ලබාගැනීමට නොහැකි වූ අතර, ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා තරගය අතිරේක කාලය දක්වා ඇදී ගියේය.
අතිරේක කාලයේ 106 වැනි මිනිත්තුවේදී ස්පාඤ්ඤයේ ෆෙරාන් ටෝරස් ලබාගත් ගෝලය තරගයේ එකම ගෝලය බවට පත්විය. VAR තාක්ෂණය මගින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ගෝලය නිල වශයෙන් තහවුරු කෙරිණි.
මේ අතර, තරගයේ 90+3 වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාවේ එන්සෝ ෆර්නැන්ඩස් දෙවැනි කහ කාඩ්පත ලබා රතු කාඩ්පතක් හේතුවෙන් පිටියෙන් ඉවත් කෙරුණු අතර, ඒ හේතුවෙන් අතිරේක කාලය පුරාම ආර්ජන්ටිනාවට ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් තරග කිරීමට සිදුවිය.
ලියොනෙල් මෙසීගේ නායකත්වයෙන් යුත් ආර්ජන්ටිනාව අවසන් මොහොත දක්වාම සම තත්ත්වයට පැමිණීමට උත්සාහ කළද, ස්පාඤ්ඤයේ ශක්තිමත් ආරක්ෂක පෙළ සහ ගෝල රකින්නා හමුවේ එම උත්සාහයන් සාර්ථක නොවීය.
මෙම ජයග්‍රහණයත් සමඟ 2010 වසරෙන් පසු නැවත වරක් FIFA ලෝක කුසලානය දිනාගත් ස්පාඤ්ඤය සිය දෙවැනි ලෝක ශූරතාව ඉතිහාසයට එක්කර ගැනීමට සමත් විය.

