Homeසියලුම පුවත්වසර 18කට පසු චෙන්නායි සුපර් කිංග්ස් පුහුණුකරු ධුරයෙන් ස්ටීවන් ෆ්ලෙමින් ඉවත් වෙයි

වසර 18කට පසු චෙන්නායි සුපර් කිංග්ස් පුහුණුකරු ධුරයෙන් ස්ටීවන් ෆ්ලෙමින් ඉවත් වෙයි

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ස්ටීවන් ෆ්ලෙමින් එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, වසර 18ක් පුරා චෙන්නායි කණ්ඩායම සමඟ පැවති ඔහුගේ පුහුණුකාරී සේවා කාලය අවසන් වීමට නියමිතය.

ෆ්ලෙමින්ගේ නායකත්වයෙන් යුත් පුහුණු කාර්යභාරය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ශූරතා පහක් සහ විස්සයි විස්ස චැම්පියන්ස් ලීග් ශූරතා දෙකක් දිනා ගැනීමට සමත් විය.

ඔහු විසින් ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ තීරණය චෙන්නායි සුපර් කිංග්ස් පාලනාධිකාරිය විසින් පිළිගෙන ඇති බව ද අදාළ ක්‍රීඩා මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments