Homeසියලුම පුවත්වස විස සහිත පලතුරු අලෙවියට ලබන අප්‍රේල් සිට දැඩි නීති

වස විස සහිත පලතුරු අලෙවියට ලබන අප්‍රේල් සිට දැඩි නීති

වස විස සහිත පලතුරු අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව ලබන වසරේ අප්‍රේල් 01 වනදා සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (01) කොළඹදී “වස විසෙන් තොර පලතුරු දරුවන්ට” යන තේමාව යටතේ ජාතික වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදීය.

ඒ අනුව අද සිට දිවයින පුරා පලතුරු වෙළෙඳසැල් සහ තොග බෙදාහරින්නන් ලියාපදිංචි කිරීම හා දැනුවත් කිරීම ආරම්භ කිරීමට නියමිතය.

වස විස භාවිතයෙන් තොරව පලතුරු ඉදවීම, ගොවිපළවලින් ඒවා නිසි ක්‍රමවේදයකින් නෙළා ගැනීම සහ පාරිභෝගිකයා වෙත විශ්වාසවන්තව බෙදා හැරීම සම්බන්ධයෙන් වෙළෙඳුන් දැනුවත් කිරීමටද සැලසුම් කර තිබේ.

ලබන මාර්තු මාසය වන විට පාරිභෝගික සේවා අධිකාරිය හරහා වස විසෙන් තොර පලතුරු අලෙවි කරන ව්‍යාපාර හඳුනාගෙන ඒ සඳහා විශේෂ සහතිකයක් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම දිවයිනේ පලතුරු වෙළෙඳසැල් සිතියම්ගත කර QR කේතයක් හරහා වස විසෙන් තොර පලතුරු අලෙවි කරන ස්ථාන හඳුනාගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීමටද නියමිතය.

අමාත්‍යවරයා අවධාරණය කළේ ලබන අප්‍රේල් 01 වනදා සිට වස විස සහිත පලතුරු අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව පවතින නීති සහ අවශ්‍ය ගැසට් පත්‍ර යටතේ දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
“`0

RELATED ARTICLES

Most Popular

Recent Comments