Homeසියලුම පුවත්ශෂීන්ද්‍රගේ නඩුව විභාගයට දින දෙයි

ශෂීන්ද්‍රගේ නඩුව විභාගයට දින දෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව විභාගය සඳහා සැප්තැම්බර් 28 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා නඩුව විභාගය සඳහා සැප්තැම්බර් 28 වැනිදා කැඳවීමට නියෝග කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments