ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනා සම්බන්ධයෙන් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුව මෙම මස 25 වනදා දක්වා කල් දමා තිබේ.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඇප මත පසුවන ශෂී වීරවංශ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, නඩුවට අදාළ පරිගණක උත්පාදිත ලේඛන සහ පද්ධතිය පරීක්ෂා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව, අදාළ කරුණු සලකා බැලූ අධිකරණය නඩුව ලබන 25 වනදා යළි කැඳවීමට නියෝග කර තිබේ.
ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව යළි කල් යයි

