Homeසියලුම පුවත්ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමට එක්වන්න - ජනපතිගෙන් පොසොන් පණිවිඩයක්

ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමට එක්වන්න – ජනපතිගෙන් පොසොන් පණිවිඩයක්

බුදු දහමත් සමඟ මෙරටට උරුම වූ ශිෂ්ට සම්පන්න සමාජයේ වටිනාකම් යළි ස්ථාපිත කරමින් නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමට සියලුදෙනා ශක්තිමත්ව එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් නිකුත් කළ පණිවිඩයේ ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ආචාරධාර්මික පදනමක් නොමැති සමාජයකට සැබෑ දියුණුවක් අත්කරගත නොහැකි බවයි.
මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ “චුල්ලහත්ථිපදෝපම” සූත්‍රයෙන් අනුපූර්ව ශික්ෂණයේ වැදගත්කම අවධාරණය කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
සමාජයෙන් වියැකී යන සාරධර්ම සහ හර පද්ධති යළි ගොඩනඟමින් පාර්ලිමේන්තුව ඇතුළු සියලු රාජ්‍ය ආයතන තුළ ශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා රජය මේ වන විටත් කැපවී සිටින බවද ඔහු සිය පොසොන් පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments