අනුර කුමාර දිසානායක මහතා “Walk for Peace” සාමයේ පාගමන සඳහා සිය පූර්ණ සහයෝගය පළ කර තිබේ.
X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, සියලු ජනයා අතර සිහිබුද්ධිය, මෛත්‍රිය, එකමුතුකම සහ සමගිය ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි.
දඹුල්ලෙන් ආරම්භ වන මෙම පාගමන සර්වඥ ධාතූන් වහන්සේලා සහ බෝධි අංකුරයක් සමඟ දිවයින පුරා ගමන් කරන අතර, සාමය සහ කරුණාව වැනි වටිනාකම් නැවත සිහිපත් කරගැනීමට මෙය අවස්ථාවක් බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
මෙම අධ්‍යාත්මික වැඩසටහන ජාතික සමගිය ශක්තිමත් කිරීමටත්, ලෝකයට සාමය පිළිබඳ පණිවිඩයක් රැගෙන යාමටත් දායක වනු ඇතැයිද ඔහු සඳහන් කරයි.
සාම පාගමන සඳහා පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්රමුඛ වියට්නාම භික්ෂූන් වහන්සේලා හත් නමක්ද අද දිවයිනට වැඩම කර ඇති අතර “ආලෝකා” නම් සුනඛයාවද මෙයට එක්වී ඇත.
අද සිට 28 දක්වා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර වැඩසටහනට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් සහාය දක්වයි.
සාමයේ පාගමනට ජනපති අනුරගෙන් පූර්ණ සහාය

