ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාර එල්ලකර තිබේ.
සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබීමෙන් දින දෙකකට පසුව මෙම ප්‍රහාරය එල්ලවී තිබීම විශේෂත්වයකි.
නේටෝ ආරක්ෂක සන්ධානයට සමාන මෙම ගිවිසුමට අනුව, එම රටවල් තුනෙන් එක් රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත් එය රටවල් තුනටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකා කටයුතු කිරීමට ඔවුන් බැඳී සිටී.
මේ අතර, රතු මුහුද සහ ඒඩන් බොක්ක සම්බන්ධ කරන බාබ් අල් මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි මෝකා වරායටද හූති ප්‍රහාර හේතුවෙන් දැඩි හානි සිදුවී ඇති බව වාර්තා වේ.

