Homeසියලුම පුවත්සාගර කාරියවසම්ට අධිකරණයෙන් ඇප

සාගර කාරියවසම්ට අධිකරණයෙන් ඇප

අද (10) අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැර තිබේ.

කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා විසින් ලබාදුන් නියෝගයට අනුව, රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට නියම කර ඇත. මීට අමතරව ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් අගෝස්තු 03 වනදා සාගර කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.

එම පරීක්ෂණයට අදාළව අද පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණි සාගර කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව ඔහු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදීමට අධිකරණය කටයුතු කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments