Homeසියලුම පුවත්හැකර්වරුන්ට ගෙවූ ඩොලර් ගැන රාජ්‍ය නිලධාරීන්ට දැඩි පියවර

හැකර්වරුන්ට ගෙවූ ඩොලර් ගැන රාජ්‍ය නිලධාරීන්ට දැඩි පියවර

වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසන්නේ මහා භාණ්ඩාගාරය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන්ට ගෙවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියාවක් බවයි.
හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කළ නිලධාරීන් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම, මෙම සිද්ධියට සම්බන්ධ වෙනත් පාර්ශ්ව පිළිබඳවද අවධානය යොමු කරමින්, අදාළ නිලධාරීන්ට එරෙහිව දැනටමත් විනයාත්මක පියවර ගෙන ඇති අතර ඉදිරියේදී තවත් ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments