Homeසියලුම පුවත්ළමා විවාහ පිළිගැනීමට ඇෆ්ගනිස්තානයෙන් නව නීතියක්

ළමා විවාහ පිළිගැනීමට ඇෆ්ගනිස්තානයෙන් නව නීතියක්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය විසින් ළමා විවාහ, දික්කසාද සහ පවුල් සබඳතා සම්බන්ධයෙන් නව නීතිමය සංශෝධන හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම නීතිය අනුව, වැඩිවියට පත් කන්‍යා දැරියක විවාහය පිළිබඳ විමසූ විට නිහඬව සිටීම ඇගේ කැමැත්ත ලෙස සලකා විවාහය සිදු කිරීමට අවසර ලැබෙන බව සඳහන් වේ.
තවද, පියෙකුට හෝ සීයා කෙනෙකුට බාලවයස්කාර දරුවන්ගේ විවාහ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වැඩි බලතලද මෙම නීතියෙන් ලබාදී ඇති බව වාර්තා වෙයි.
මේ අතර, මානව හිමිකම් සහ දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, මෙවැනි නීති හේතුවෙන් දැරියන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාවට බරපතළ බලපෑම් එල්ල විය හැකි බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments