Homeසියලුම පුවත් ICC සභාපති ජෙයි ෂා ජනපති හමුවෙන් පසු X හි විශේෂ සටහනක්

 ICC සභාපති ජෙයි ෂා ජනපති හමුවෙන් පසු X හි විශේෂ සටහනක්

ICC සභාපති ජෙයි ෂා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමෙන් අනතුරුව සිය X ගිණුමේ විශේෂ සටහනක් තබා තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය, තරුණ ක්‍රීඩකයින්ගේ සංවර්ධනය, බිම් මට්ටමේ ක්‍රිකට් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර තරගාවලි සත්කාරකත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ඔහු සඳහන් කළා.
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට හිමි සුවිශේෂී ස්ථානය අගය කළ ජෙයි ෂා මහතා, අනාගතයේදී මෙරට ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් සියලු පාර්ශ්ව සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, ජනාධිපතිවරයාගේ සහයෝගයට ස්තූතිය පළ කළ බවත් සඳහන් කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments