Homeසියලුම පුවත්📌 මේ වසරේ ඩෙංගු රෝගීන් 90,000 ඉක්මවයි – මරණ 65ක්

📌 මේ වසරේ ඩෙංගු රෝගීන් 90,000 ඉක්මවයි – මරණ 65ක්

2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 90,306 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර ඩෙංගු ආසාදනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වාර්තා වන මරණ අනුපාතය 0.07%ක් ලෙස දැක්වේ.

වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,973කි. අගෝස්තු මාසයේ මුල් දින 10 තුළ පමණක් රෝගීන් 4,959 දෙනෙකු හඳුනාගෙන තිබේ.

පළාත් අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එය 47,824කි. එය සමස්ත රෝගීන්ගෙන් 52.96%කි.

දකුණු පළාතෙන් රෝගීන් 13,361ක් සහ මධ්‍යම පළාතෙන් 8,027ක් වාර්තා වී ඇත.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහින් වාර්තා වන අතර එය 19,204කි. කොළඹින් 17,955ක්, මහනුවරින් 6,413ක්, මාතරින් 5,971ක් සහ කළුතරින් 5,871ක් ලෙස රෝගීන් හඳුනාගෙන තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments