Homeසියලුම පුවත්2027 අයවැය ගැන අධිකරණ අමාත්‍යාංශය සමඟ ජනපති සාකච්ඡා

2027 අයවැය ගැන අධිකරණ අමාත්‍යාංශය සමඟ ජනපති සාකච්ඡා

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අදාළ 2027 වසරේ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කළ අතර, 2027 වසර සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අධිකරණ යටිතල පහසුකම් සංවර්ධනය, නීතිපති දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල කාර්ය සාධනය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

මහජනතාවට කඩිනම් හා කාර්යක්ෂම යුක්තිය ලබාදීම සඳහා අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සහ සේවා තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments