Homeසියලුම පුවත්22 වන සංශෝධනය ගැන අවසන් තීරණය අද පාර්ලිමේන්තුවේදී

22 වන සංශෝධනය ගැන අවසන් තීරණය අද පාර්ලිමේන්තුවේදී

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අද (25)ට යෙදී තිබේ. 0

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අද සවස ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) ආරම්භ වූ අතර, අද පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වා එය පැවැත්වීමට නියමිතව තිබේ. 1

මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පසුගිය 22 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එහිදී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් එය සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණි.

එමෙන්ම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බවටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. 2
“`3

RELATED ARTICLES

Most Popular

Recent Comments