Sunday, November 16, 2025
Homeදේශීය97 අත්තම්මා පශ්චාත් උපාධිය ගනී

97 අත්තම්මා පශ්චාත් උපාධිය ගනී

කැලණිය විශ්ව විද්‍යාලයේ පාළි බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය මගින් මෙවර පැවැත් වූ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගැනීමට වයස අවුරුදු අනූහතක් වූ විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න මාතාව සමත්ව ඇත.

ඇය මෙම විශ්ව විද්‍යාලයේ වයසින් වැඩිම ශිෂ්‍යාවද විය.

විෂයන් 7 කින් සමන්විත මෙම ශාස්තපති උපාධිය සඳහා ඇය පාලි නිකාය ගත බෞද්ධ චින්තනය -විග්‍රහය හා විවරණය, බෞද්ධ කලා හා ගෘහ නිර්මාණ 11 (ශ්‍රී ලංකාව) බෞද්ධ මනෝ චිකිත්සාව, බෞද්ධ ආර්ථික දර්ශනය, ථෙරවාදී සම්ප්‍රදාය- ඉතිහාසය හා ධර්ම කරුණු ,බෞද්ධ ආචාර ධර්මය -සංකල්ප හා දාර්ශනික අර්ථකථනය, පර්යේෂණ ක්‍රමවේදය හා විස්තාරිතාවරණනය යන විෂයයන්ගෙන් පෙනී සිට ඇත.

ඇය මෙහි නිබන්ධනය වූ විස්තාරිත රචනා පර්යේෂණ මාතෘකාව ලෙස ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් තුළින් පිළිබිඹු වන අතීත ජීවන රටාව පිළිබඳ විමර්ශන ලිපියක් ද සම්පාදනය කර තිබුණි.

ඇස්ලින් ධර්මරත්න මාතාව වයස අවුරුදු 94 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලය මඟින් පැවැත්වූ ත්‍රිපිටක ධර්මය හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට පෙනී සිට එයද සමත්ව ඇත.

මෙලෙස ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන විභාගය සමත් වූ ඇය ගැහැනු දරුවන් 6 දෙනකු ම බලා ගනිමින් ජීවිතයටද මුහුණ දෙමින් මෙම විභාග සමත්ව තිබුණි.

නොතාරිස් වෘත්තීයෙන් ජීවිතය අරඹා ඇති අය 1952 වසරේ දී එම විභාගයෙන් ලංකාවෙන්ම පළමුවැනියා ලෙස සමත් වූ එකම කාන්තාව ද විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments