Wednesday, March 4, 2026
Homeවිදේශීයට්‍රම්ප් නැවතත් ඉන්දියාවට තරවටු කරයි

ට්‍රම්ප් නැවතත් ඉන්දියාවට තරවටු කරයි

රුසියානු තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නැවත වරක් ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙරට අතර වෙළෙඳ සාකච්ඡා තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක පවතින අතර, ඊයේ (04) මෙම ප්‍රකාශය සිදුකර ඇති බව සඳහන් වේ.

රුසියානු තෙල් මිලදී ගැනීම් සීමා කිරීම පිළිබඳව අමෙරිකාව කළ ඉල්ලීම් ඉන්දියාව විසින් ඉටු නොකළහොත්, ඉන්දියාවට එරෙහිව නැවතත් තීරුබදු ඉහළ නංවන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත.

“මෝදි හොඳ මිනිහෙක්. මම අසතුටින් සිටින බව ඔහු දැන සිටියා,” යනුවෙන් එයාර් ෆෝස් වන් යානයේදී වාර්තාකරුවන් අමතා ට්‍රම්ප් මහතා සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

එහිදී ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම් පිළිබඳව විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ඉතා ඉක්මනින් ඉන්දියාවට එරෙහිව තීරුබදු ඉහළ නැංවීමට හැකි බවද ඔහු අවධාරණය කර ඇත.

කෙසේවෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් ඉන්දියාවේ වාණිජ අමාත්‍යාංශය මෙතෙක් කිසිදු නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සඳහන් වේ.

මාස ගණනාවක් පුරා පැවති වෙළෙඳ සාකච්ඡා වලින් අනතුරුව, රුසියානු තෙල් විශාල ලෙස මිලදී ගැනීම හේතුවෙන් දඬුවමක් ලෙස ඉන්දීය භාණ්ඩ සඳහා ආනයන තීරුබදු 50% දක්වා දෙගුණ කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගිය වසරේදී පියවර ගෙන තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments