Friday, January 23, 2026
Homeදේශීය22 වෙනකන් රටේ පෙට්‍රල් නැහැ – සාගල රත්නායක

22 වෙනකන් රටේ පෙට්‍රල් නැහැ – සාගල රත්නායක

ලබන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බව ඉන්ධන අර්බුදය  පිළිබඳ  සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් පත්කළ කමිටුවේ සභාපති හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

ඩීසල් නෞකාවකට ඇනවුමක් ලබා දී ඇති අතර ජුලි දෙවන සතිය වන විට එම නෞකාව ලංකාවට පැමිණෙනු ඇතැයි ද ඔහු සඳහන් කර සිටියා.

පෙට්‍රල් ලබා ගැනීම සම්බන්ධයෙන් ද ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද සාගල රත්නායක මහතා සඳහන් කළේය.

ඔහු පවසන්නේ ලබන මස 22 වැනිදාට පෙර පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට උත්සහ කරන බවයි.

මේ අතර ලබන මස 6,10,16,19,21 හා 31 වැනිදා වන විට මෙට්‍රික් ටොන් 33000 ක ගෑස් තොග මෙරට ලැබීමට නියමිත බව සාගල රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments